01 December 2025

logo

රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන්ට විශේෂ දැනුම්දීමක්



අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන් වෙත නීතිමය බාධාවකින් තොරව රිය පැදවීමට සහන කාලයක් ලබාදෙන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ මේ වන විට දිවයිනේ පවතින ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ඇති රියදුරන් හට තම රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කාර්යාලය වෙත පැමිණීමට බාධා එල්ල වී තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බවයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,  



(colombotimes.lk)