01 July 2025

logo

වැන්ඩර්සේගේ සහ කමිඳුගේ එංගලන්ත ගමන ප්‍රමාද වෙයි



එංගලන්තයට එරෙහි පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (11) දිවයිනෙන් පිටත්ව ගියා.

කෙසේ වෙතත් කමිඳු මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයින් තවමත් ඔවුන්ගේ වීසා බලපත්‍රය බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

වැන්ඩර්සේ ඔහුගේ වීසා අයදුම්පත ප්‍රමාද වී ඉදිරිපත් කිරීම වීසා බලපත්‍රය ප්‍රමාදයට හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත් කමිඳු මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය ප්‍රධාන සංචිතය සමඟ ඉල්ලුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)