06 July 2025

logo

එළවළු මිල පහළ යයි



උත්සව සමය අවසන් වීමත් සමඟ එළවළු මිල සැළකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

සාමාන්‍යයෙන් උත්සව සමයෙන්  පසු එළවළු මිල ඉහළ යන නමුත් මෙවර එම තත්වය වෙනස් වී ඇති බවයි වෙළඳුන්  පෙන්වා දෙන්නේ.

ඒ අනුව තක්කාලි ග්‍රෑම් 250ක් රුපියල් 40ක්, බෝංචි ග්‍රෑම් 250ක් රුපියල් 50ක්, කැරට් ග්‍රෑම් 250ක් රුපියල් 100ක් වශයෙන් කොළඹ පිටකොටුවේ එළවළු සිල්ලර මිල දැක්වී තිබෙනවා.
(colombotimes.lk)