විදුලි මෝටර් රථ (EV) අලෙවිය පසුගිය වසර තුන තුළ තුන් ගුණයකින් වැඩි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව 2020 වසරේ දී ලොව පුරා අලෙවි වූ විදුලි මෝටර් රථ සංඛ්‍යාව මිලියන තුනකට ආසන්න බව සඳහන්.
නමුත් 2022 වසර වන විට ලොව පුරා අලෙවි වන සෑම මෝටර් රථ 20කින් 3ක්ම විදුලි මෝටර් රථ බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Inte ational Energy Agency (IEA) ආයතනය සඳහන් කළේ, 2023 වසර අවසන් වන විට මිලියන 14ක විදුලි මෝටර් රථ ප්‍රමාණයක් අලෙවි වනු ඇති බවයි.
එය 2022 වසරට සාපේක්ෂව සියයට 35ක වැඩිවීමක් බවද සඳහන්.
(colombotimes.lk)