මෙවර ඡන්ද හිමි නාමලේඛනය සංශෝධන කටයුතු සඳහා අදාළව ග්‍රාම නිලධාරීවරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
කොවිඩ් රෝග තත්ත්වය සහ පැවති දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් පසුගිය වසර දෙකේදී ග්‍රාම නිලධාරින්වරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම නවතා දැමීමට තීරණය කර තිබුණා.
කෙසේවෙතත් මෙවර ග්‍රාම නිලධාරිවරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව සඳහන්ය.
යම් හෙයකින් ග්‍රාම නිලධාරීන්වරුන් නිවෙස් වෙත පැමිණෙන අවස්ථාවලදී මහජනතාව නිවෙස්වල නොසිටියහොත් එම තොරතුරු වහාම ග්‍රාම නිලධාරින්වරුන් වෙත ලැබීමට සලස්වන ලෙස ද මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දෙනවා.
ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා මෙවර ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට නම ඇතුළත් කිරීම වඩාත් වැදගත් බව එම කොමිසම සඳහන් කරනවා.
ඡන්ද හිමි නාමලේඛන කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 31 වනදා වන විට එය සහතික කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද මැතිවරණ කොමිසම සඳහන් කළා.
(colombotimes.lk)