18 December 2025

logo

ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි



මේ වසරේ ඩෙංගු උණ රෝගීන් වාර්තාගත ලෙස ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. 

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් එය ව්‍යාප්ත කරන මදුරුවන්ට ප්‍රතිලාභ ලැබෙන බවයි එම සංවිධාන පෙන්වා දෙන්නේ. 
 
එමෙන්ම ඩෙංගු රෝගීන් 2000 සිට 2022 දක්වා කාලය තුළ දී මිලියන 4.2 දක්වා අට ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. 
 
මාර්තු මාසයේ වාර්තාවකට අනුව මෙම රෝගය ප්‍රථම වරට සුඩානයේ අගනුවර වන කාර්ටූම් හි හමු වූ අතර යුරෝපයේ රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇති අතර පේරු බොහෝ කලාපවල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
(colombotimes.lk)