කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය පිළිබඳව අද (11) අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී 10.1N, 82.5E ආසන්නයේ පවතින බැවින් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් තද සුළං ඇති විය හැකි අතර මුහුදු ප්‍රදේශ රළු වීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)
