Idalia සුළි කුණාටුව හේතුවෙන් ඇතිවිය හැකි කුණාටු රැල්ලක් පිළිබඳව නිවැසියන් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ, එම කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය දෙසට ගමන් කිරීම ගෙතුවෙන්.
මේ හේතුවෙන් සාගර ජලය පොළව මට්ටමේ සිට අඩි 10 සිට 15 (මීටර් 3-5) දක්වා ඉහළ යා හැකි බව එරට ජාතික කාලගුණ සේවය (NWS) පවසනවා.
මීට අමතරව ජීවිත තර්ජන සහ වෙරළබඩ ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.
එරට ප්‍රාන්ත 28ක් පුරා සිටින මිලියන 1.5කට අධික ජනතාවකට ඉවත්වන ලෙස ඉල්ලීමක් කර ඇති බව සඳහන්.
(colombotimes.lk)
