02 December 2025

logo

කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහතට



කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබූ ගංවතුර තත්ත්වයන් ද පහව යමින් පවතින බවයි. 

ඊට අමතරව කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල ද ජලමට්ටම් පහළ යමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

කෙසේ වෙතත් කැලණි ගඟේ නාගලගම්වීදිය ජලමාපකයේ ජල මට්ටම අද (02) අලුයම 02.00ක වන විට අඩි 08ක් තිබූ අතර අලුයම  03.00 වන විට අඩි 7.90 ක් දක්වා අඩු වී තිබෙන බවයි සඳහන් වන්නේ. 

නමුත් තවදුරත් මහ ගංවතුර තත්ත්වයක් පවති බවද වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.





(colombotimes.lk)