14 October 2025

logo

ගංගා රැසක ජල මට්ටම් තවදුරටත් ඉහළට



වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම පානදුගම ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

පිටබැද්දර ප්‍රදේශයෙන් වාර්තාවූ සුළු ගං වතුර තත්වය මේ වනවිට පහව යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. 
 
ගිං ගගේ ජල මට්ටමද බද්දේගම ප්‍රදේශයෙන් තවදුරටත් ඉහළ යමින් පවතින අතර, තවලම ප්‍රදේශයේ ඇතිවී තිබු සුළු ජල ගැලීම් තත්වය අඩුවෙමින් පවතිනවා. 
 
එමෙන්ම මිල්ලකන්ද ප්‍රදේශයෙන් කළු ගඟේ ජල මට්ටමද තවදුරටත් ඉහළ යන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)