22 February 2025


ජල විදුලි බලාගාර ජලාශවල ජලය හිඳෙයි



පවතින වියළි කාළගුණයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජල විදුලි බලාගාර ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත ගොස් තිබෙනවා.

එම ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කළේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ ‍දෙකේ ජල මට්ටම අද පෙරවරුව වන විට පිටාර මට්ටමේ සිට පිළිවෙලින් අඩි 17 ක් හා 15 ක් වශයෙන් පහත බැස ඇති බවයි.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති කැනියොන්, විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය හා බ්‍රෝඩ්ලන්ඩ් යන විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයනු ලබන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවලින් වනවා.

(colombotimes.lk)