ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (11) පෙරවරු 10 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නලයේ පිරිසිදු කිරීමේ හා විෂබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන් එම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව අද පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා පැය10ක කාලයක් රණ්පොකුණගම, බටලීය, අත්තනගල්ල, පස්යාල, නිට්ටඹුව යන කලාපවලට ජලසැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කළේ නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණගම, රණ්පොකුණගම නිවාස යෝජනාා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මිට්ටිගම්මන, මාඉඹුල, මාකලාන, හග්ගල්ල, ඇලවල, ඇල්ලමුල්ල යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බවයි.
(colombotimes.lk)