16 July 2025

logo

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජලය නවතියි



ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන 27වනදා පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා පැය 8 1/2ක් එම ජල පවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවන බව එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ‍, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන් සඳහා ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)