සිංගප්පූරුව විසින් හෙරොයින් අවුන්සයක් ප්‍රවාහනය කිරීමට තැත් කිරීමේ වරදට වරදකරු වූ කාන්තාවක් එල්ලා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
45 හැවිරිදි සිංගප්පූරු ජාතික Saridewi Djamani සිකුරාදා (28) චැංගි බන්ධනාගාරයේදී මෙලෙස ඝාතනය කර ඇති බව සඳහන්.
2018 වසරේදී හෙරොයින් ග්‍රෑම් 31ක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වීමෙන් අනතුරුව ඇයට මරණීය දණ්ඩනය නියම වුණා.
ග්‍රෑම් 15ට වැඩි ඕනෑම මත්ද්‍රව්‍යයක් ප්‍රවාහනය කිරීම හෝ ළඟ තබා ගැනීම සිංගප්පූරුවේ නීති මඟින් මරණීය දණ්ඩනයට අවසර දෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
Saridewi ගේ මරණය සිංගප්පූරුවේදී මේ සතියේ ක්‍රියාත්මක වූ දෙවැනි මරණ දඬුවම වන අතර බදාදා(26) දිනයේ 57 හැවිරිදි මොහොමඩ් අසීස් බින් හුසේන්ට හෙරොයින් ග්‍රෑම් 50ක් ප්‍රවාහනය කිරීමේ වරදට මරණ දඬුවම හිමිව තිබෙනවා.
(colombotimes.lk)