16 July 2025

logo

බස් ගාස්තු අඩු නොකරන බස්වලට සිදු වන දේ



අද (02) සිට ක්‍රියාත්මක වන බස් ගාස්තුව ඉක්මවා මුදල් අයකරන බස්රථවලට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ එලෙස නියමිත මුදල ඉක්මවා මුදල් අයකරන බස්රථ පිළිබඳ දැනුම්දෙන ලෙසයි.

එලෙස කටයුතු කරන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 071 259 5555 යන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)