ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 94.92 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එය 1.24%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.04ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එය 1.08%ක වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.09 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
