හිටපු පොලිස්පති සි. ඩි. වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමත් සමඟ එම තනතුර සඳහා මෙතෙක් කිසිවෙක් පත් කර නොමැති බව වාර්තා වනවා.
මාර්තු මස 25 වනදා ඔහු විශ්‍රාම යාමට නියමිතව තිබූ අතර පසුව ඔහුගේ සේවාව තවත් මාස තුනකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා.
එය පසුගිය මස 26 වනදායින් අවසන් වූ අතර ඉන් පසුව මේ වනවිටත් එම තනතුරට කිසිවෙක් පත්කර නොමැති වීම ද විශේෂත්වයක්.
ඒ සඳහා පත්කරන්නේ කවුරුන් ද යන්න පිළිබඳව ද මෙතෙක් තීරණය කර නොමැති බවයි වාර්තා වන්නේ.
මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් මේ වනවිට යෝජනා වී තිබෙනවා.
(colombotimes.lk)