04 November 2025

logo

තිරිඟුපිටි මිල යළි ඉහළට



යුක්‍රේනයට තිරිඟුපිටි අපනයනය කිරීමට තිබූ ගිවිසුමෙන් රුසියාව ඉවත් වීමට ගත් තීරණය සමඟ ශ්‍රී ලංකාවට ද දැඩිව බලපෑම් ඇතිවිය හැකි බව රුසියානු ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ප්‍රධාන ලේකම් සමන් වීරසිංහ මහතා පවසනවා.

ඒ, මෙම තීරණය හමුවේ ලෝකයේම තිරිඟු පිටි මිල ඉහළ යා හැකි වීම හේතුවෙන්.

මේ අනුව කළු මුහුදේ යත්‍රා කරන ඕනෑම නැවක් යුධ භාණ්ඩ ගෙන යන නෞකාවක් ලෙස රුසියාව ප්‍රකාශය පත් කර තිබෙනවා.

ඒ සමඟම තිරිඟුපිටි නෞකාවන්ට කළු මුහුදේ යත්‍රා කිරීමේ හැකියාව නොමැති බව සමන් වීරසිංහ මහතා සඳහන් කළා.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ, ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල ඉදිරියේදී ඉහළ යාම හේතුවෙන් මෙරටට ආනයනය කිරීමේදී මිල ඉහළ යාමක් සිදු විය හැකි බවයි.
(Colombotimes.lk)