කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිල දී ගැනීමේ අවම මිල ඉහළ දමා තිබෙනවා.
සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ ඒ අනුව කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් 1ක මිලද රුපියල් 330 – 340 දක්වා වැඩි වී ඇති බවයි.
වී කිලෝග්‍රෑම් 1ක ගැනුම් මිල රුපියල් 8කින් පමණ ඉහළ ගොස් තිබීම හේතුවෙන් සහල් කිලෝග්‍රෑම් 1ක මිලද රුපියල් 10 - 20ත් අතර ඉහළ දමා තිබෙනවා.
සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ඒ හේතුවෙන් රජය සතු කීරි සම්බා වී, සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කළ යුතු බවයි.
එසේ නොමැති නම් කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පොන්නි සම්බා සහල් අඛණ්ඩව රට තුළට ගෙන්වීමට රජය මැදිහත් විය යුතු බවද ඔහු ප්‍රකශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආපනශාලා සහ අවන්හල්වල සකස් කරන බත්වලින් 60%කට වැඩි ප්‍රමාණයක් කීරි සම්බා සහල්වලින් සකස් කරන අතර පොන්නි සම්බා සහල් කීරි සම්බා සහල් වෙනුවට ආදේශකයක් ලෙස භාවිත කළ හැකි බවයි.
(colombotimes.lk)
