11 October 2025

logo

විමල් වීරවංශගෙන් පොලීසියට චෝදනාවක්



තමන් විසින් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලය වෙත ලබාදුන් ප්‍රකාශය සම්බන්ධව පොලීසිය කටයුතු කර ඇති ආකාරය ගැන ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අදහස් දක්වා තිබෙනවා. 

සිය Facebook ගිණුමෙහි සටහනක් තබමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් දුන් ප්‍රකාශය පොලීසිය විසින් විකෘති කර මාධ්‍ය වෙත ලබාදී ඇති බවයි. 

එමෙන්ම තමන් ලබා දුන් ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවත් විමල් වීරවංශ එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 


(colombotimes.lk)