කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට



එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි. 

අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිත මෙම සංචාරය සඳහා විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් වනවා. 
 
එම තරගාවලිය ආරම්භයට පෙර ඔවුන් පෙර පුහුණු තරගයත් සඳහා ද සහභාගී වීමට නියමිතයි. 
 
මෙම තරග සංචාරයේ එක්දින තරගාවලිය ICC කාන්තා ශූරතාවය සඳහා ඇතුළත් තරගාවලියක් වීම විශේෂත්වයක්. 
 
තරග කාලසටහන,
 
දිනය                තරගය                      ස්ථානය 
 
අගෝස්තු 28     විස්සයි විස්ස පෙර පුහුණු තරගය - Arundel 
 
අගෝස්තු 31     පළමු විස්සයි විස්ස තරගය - Hove 
 
සැප්තැම්බර් 2    දෙවැනි විස්සයි විස්ස තරගය - Chelmsford 
 
සැප්තැම්බර් 6    තෙවැනි විස්සයි විස්ස තරගය - Derby 
 
සැප්තැම්බර් 9    පළමු එක්දින තරගය - Durham 
 
සැප්තැම්බර් 12   දෙවැනි එක්දින තරගය - Northampton 
 
සැප්තැම්බර් 14   තෙවැනි එක්දින තරගය - Leicester
(colombotimes.lk)