28 January 2026

logo

Women's T20 WC | ආසියානු ශූරියන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි



2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකාවට සිදු වුණා.

ඒ ඉන්දියාව සමඟ පැවති තරගය ලකුණු 82කින් පරාජයට පත් වීමත් සමඟයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 172ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 90ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙතෙක් මූලික වටයේ ක්‍රීඩා කළ තරග 3ම පරාජයට පත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය නවසීලන්තයට එරෙහිව පැවැත්වෙනවා.

(colombotimes.lk)