28 January 2026

logo

Women's T20 WC | ස්කොට්ලන්තයට එරෙහිව අප්‍රිකාවට විශිෂ්ට ජයක්



කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ස්කොට්ලන්තයට එරෙහිව අද (09) පැවති තරගය ලකුණු 80කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 166ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තයට පන්දුවාර 17යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු
86ක් පමණයි.

(colombotimes.lk)