20 January 2026

logo

ලොව විශාලතම තඹ පතල කඩා වැටෙයි



ලොව විශාලතම තඹ පතල ලෙස සැලකෙන චිලීහී එල් ටෙනියෙන්ටේ පතල අර්ධ වශයෙන් කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරටට බලපෑ රික්ටර් පරිමාණයේ ඒකක 4.2ක භූ කම්පනයක් හේතුවෙන් එය මෙලෙස කඩා වැටී ඇති බවයි.

පතල තුළ සිරවී සිටින සේවකයන් 5දෙනෙක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

මේ අතර එහි සිටි සේවකයන් දෙදෙනක්ගේ මෘත දේහ සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් 100දෙනෙක් එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)