15 July 2025

logo

ලොව විශාලතම රන් නිධිය හමුවෙයි



ලොව විශාලතම රන් නිධිය මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි රත්තරන් මෙට්‍රික් ටොන් 1,000කට වැඩි ප්‍රමාණයක් ඇති බවට ඇස්තමේන්තු කර තිබෙන බවයි.

එමෙන්ම මෙම රන් නිධිය කිලෝමීටර 03ක් පමණ පොළව අභ්‍යන්තරයේ පිහිටා තිබෙනවා.

හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය සඳහන් කළේ රත්තරන්වල වටිනාකම ආසන්න වශයෙන් යුවාන් කෝටි 60,000ක් පමණ වන බවයි.

(colombotimes.lk)