ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා ලොව ප්‍රථමවරට සමාජ මාධ්‍ය තහනමට YouTube ඇතුළත් කිරීමට නියමිතව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඕස්ට්‍රේලියානු රජය විසින් මීට පෙර සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් සඳහා ලබාදී තිබූ නිදහස් කිරීම ඉවත් කිරීමෙන් පසුව මෙම තීරණය ගත් බවයි.
තහනම යටතේ නව යොවුන් වියේ පසුවන්නන්ට තවමත් YouTube වීඩියෝ නැරඹීමට හැකිවන නමුත් මෙම අන්තර්ගතය උඩුගත කිරීමට හෝ වේදිකාවේ අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය ගිණුමක් පවත්වා ගැනීමට අවසර නොලැබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම TikTok, Instagram, Facebook, X සහ Snapchat සීමා කෙරෙන අතර දෙසැම්බර් මාසයේදී එය ආරම්භවීමට නියමිතයි.
(colombotimes.lk)