04 November 2025

logo

ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයට චීනය සූදානම් වෙයි



කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල මහා පරිමාණ ආයෝජන දිරිමත් කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බව ආචාර්ය යුවාන් ජියාජුන් මහතා අවධාරණය කරනවා. 

ඒ, ඔහු ඇතුළු චීනයේ ඉහළ පෙළේ නියෝජිතය පිරිසක් අද (22) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීයි. 
 
යුවාන් ජියාජුන් යනු චීනයේ චෝන්ග්කින්ග් (Chongqing CPC) නාගරික කමිටු ලේකම් වරයා මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වනවා. 
 
ඒ අනුව දෙමුහුන් සහල් වර්ග සහ අනෙකුත් ආහාර බෝග පිළිබඳ විශේෂඥයින් ශ්‍රී ලංකාවට ලබාදීමට ජියාජුන් මහතා එකඟ වී තිබෙනවා. 
 
මේ හරහා ශ්‍රී ලංකාවේ සහල් අස්වැන්න කිහිප ගුණයකින් වැඩි කර ගැනීමට හැකියාව ලැබෙන බව ඔහු කියා සිටියා. 
 
මීට අමතරව ආහාර සුරක්ෂිතතාවය මෙන්ම දරිද්‍රතාවය තුරන් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා.
(colombotimes.lk)