ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් වී තිබෙනවා.
ඔහු මෙම ඉසව්ව අවසන් කළේ තත්පර 10.16ක වේගයකින්.
යුපුන් මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසයි.
(colombotimes.lk)
