13 July 2025

logo

සෙලෙන්ස්කිගේ වත්කම් ගැන යළිත් අනාවරණයක්



ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනපති ව්ලොඩිමිර් සෙලෙන්ස්කි අතර පසුගිය සිකුරාදා (28) උණුසුම් වාදයක් පැවැත්වුණා.

එම සිදුවීමෙන් අනතුරුව සෙලෙන්ස්කිගේ වත්කම් පිළිබඳව කතාව නැවත වරක් අලුත් වී තිබෙනවා.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ඔහුට නිවාස 15ක් තිබෙන අතර එම නිවාස අතර ඇමෙරිකානු ඩොලර් 35ක් වටිනා ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හී නිවෙසද ඇතුළත් බවයි.
 
එමෙන්ම ඔහුගේ බැංකු ගිණුමේ ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක් ඇතුළත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

එමෙන්ම ඔහු පෞද්ගලික ගුවන්යානා 03ක හිමිකරුවෙක්ද වන බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප් කියා සිටියේ ඔහුගේ මාසික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 11ක් බවයි.

මේ සියල්ල ජනපති ට්‍රම්ප් X සමාජ ජාලාවේ සඳහන් කළ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)