කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ වෑන් රථයක් තඹුත්තේගම ඒරියාගම ප්රදේශයේදී අනතුරට ලක් ව තිබෙනවා.
ඒ මාර්ගය අයිනේ නතර කිරීමට යෑමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් වේගයත් සමහ පාලනයකරගැනීමට නොහැකිව ලොරි රථයේ පිටුපස ගැටීමෙන්.
අද(04) අලුයම සිදුවූ මෙම අනතුරකින් වෑන් රථයේ ගමන්කල 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව 4 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුනේ කගටගස්දිගිලිය ප්රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක් වන අතර ඔවුන් වයස අවුරුදු 36 සහ 46 වන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා 36 සහ 43 වන කාන්තාවන් දෙදෙනෙක්.
(colombotimes.lk)
(PHOTO COURTESY: Accident First)