රෝහල් කටයුතු පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙනවා.
ඒ, පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් දියත් කර ඇති වර්ජනය හේතුවෙන්.
ඒ අනුව රෝහල් 37ක් සඳහා යුද හමුදා භටයින් 800ක් යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර සඳහන් කළා.
එමෙන්ම, ගුවන් හමුදාවේ 200 කට අධික භට පිරිසක් සහ නාවික හමුදා භට පිරිසක් ද රෝහල් සඳහා යොමුකර තිබෙනවා.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, අවශ්‍යතාවය අනුව රෝහල් සඳහා තවත් භට පිරිස් යෙදවීමට කටයුතු කරන බවයි.
(colombotimes.lk)