15 September 2025

logo

දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 680ක් අල්ලයි



දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 554 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 126 ක් සමගින් මුළු සැකකරුවන් 680 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගැනුණු ද්‍රව්‍ය පහතින්,
හෙරොයින් 168 g
අයිස් 93 g 926 mg
ගංජා 925g 156 mg
ගංජා පැල 1,044
මාවා 356 g
මත්පෙති 596
මදන මෝදක 32 g

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 554 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 13ක් සිටින බව සඳහන්.

මීට අමතරව අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 126 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 18ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 105ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 03 ක්ද සිටින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)