සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ICCයෙන් වසර 06 ක ක්‍රිකට් තහනමක්



බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් වසර 6ක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී වගන්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් බවයි නිවේදනයක් නිකුත් කරමින් ICC ය පැවසුවේ.
 
එමෙන්ම මෙම තහනම ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් විසින් පනවා තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)