ඕනම තරුණියක් කැමැතියි ලස්සන සහ නීරෝගි කෙස් කළඹක හිමිකාරියක් වෙන්න. නමුත් ගොඩක් තරුණියන්ට තියන ගැටලුවක් තමයි හිසකෙස් දුර්වල වීම, කැඩී යාම සහ හිසකෙස් වියළි වීම. අද Be Happy ඔයාට කියන්නේ වියළි වූ හිසකෙස් වලට නිවසේදීම කල හැකි ප්‍රතිකාර ගැනයි.
හිසකෙස් වියළි වීමට හේතු
- ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම
- අධික හිරු එළියට නිරාවරණය වීම
- අධික ලෙස කෘතිම නිශ්පාදන භාවිතා කිරීම
- දිගු වෙලාවක් වායූ සමීකරණ ආශ්‍රිතව සිටීම
- මානසික ආතතිය - පෝශ්‍යදායි ආහාර වලින් ඈත්වීම
- ප්‍රමිතියකින් තොර ශැම්පු සහ කන්ඩිශනර් භාවිතා කිරීම
- හිස හොඳින් පිරිසිදු නොකිරීම
- හිසකෙස් පිරිසිදු කිරීම සඳහා සබන් භාවිතා කිරීම
වියළි කෙස් කළඹට සත්කාරක්
- කෝමාරිකා ජෙල් මේස හැඳි 3
- තේ කහට මේස හැඳි 2
- පිරිසිදු පොල්තෙල් මේස හැන්දක්
- කොළපාට විටමින් E කරල් 2 ක්
- රෝස වතුර මේස හැඳි 1ක්
සියල්ල එකට ගෙන බ්ලෙන්ඩර් කර පෙනේරයකින් පෙරා බෝතලයකට දමන්න.
භාවිතා කරන ආකාරය
- ස්නානයෙන් පසු කොණ්ඩය හොදින් වේලෙන්නට හැර පිළියෙළ කරගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් කොණ්ඩය මත ආලේප කරන්න.
- සෝදා ඉවත් කිරීම අවශ්‍ය නැහැ.
- හිස්කබලේ ආලේප කරන්න එපා.
මේ සත්කාරය මගින් කොණ්ඩයේ Dry ගතිය, ගැටගැසීම නැතිකර ලස්සන කොණඩයක් ඔයාට ලබාගන්න පුළුවන්. කිසිම රසායනිකයක් නොමැතිව පිළියෙළ කල නිසා සති 2-3ක් ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයත් අදම Be Happy කිව්වා සත්කාරය Try කරලා බලන්නකෝ.
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)