colombotimes.lk
සිංහල | English

17 April 2024

විදුලිබල මණ්ඩලයේ ලොකු පුටුවක් හිස් වෙයි



ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ මහතා පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත්වුණා.

ඒ සම්බන්ධයෙන් ඔහු පසුව සිය කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කළා.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල් ප්‍රියන්ත මහතා ඉල්ලා අස්වූ බව නිවේදනය කර තිබෙනවා.
(colombotimes.lk)