චන්ද්‍රයා පෘථිවියට වඩාත් අසන්න වීම හේතුවෙන් පෙර පොහෝ දිනයන්ට සාපේක්ෂව අද (30) චන්ද්‍රයාගේ දීප්තිය 30% කින් ඉහළ යන බව මහාචාර්යය චන්දන ජයරත්න මහතා පවසනවා.
අනෙකුත් පූර්ණ චන්ද්‍රයන්ට සාපේක්ෂව අද චන්ද්‍රයා 14% ක් විශාලත්වයෙන් යුතුව දර්ශනය වන බවයි මහාචාර්යය වරයා සඳහන් කළේ.
බටහිර අහසේ සුපිරි චන්ද්‍රයා හොඳින් දැකගත හැකි අතර එය ආසන්නයේ සෙනසුරු ග්‍රහයා ද ඉතා දීප්තිමත්ව නිරීක්ෂණය කළ හැකි බවයි මහාචාර්යය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ.
ඒ අනුව හෙට (31) අලුයම 5:00 පමණ වන විට ඉතා හොඳින් මෙම සිදුවීම නිරීක්ෂණය කළ හැකි බවද ඔහු සඳහන් කළා.
මෙවැනි සිදුවීමක් යළිත් දකින්නට හැකි වන්නේ 2037 ජනවාරි මාසයේ බවත් චන්ද්‍රයා පෘතුවියට අසන්න වීමෙන් ඇතිවන ගුරුත්වාකරුෂණය වැඩිවීම මත වඩදිය මට්ටමේ වැදීමක් සිදුවීම, භූ කම්පා, කුණාටු, සුළි කුණාටු ඇතිවීම පිළිබඳව පළවන වාර්තා සාවද්‍ය බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)