18 December 2025

logo

Elon Musk මිනිසාගේ පාලනය අතට ගන්නා බවට චෝදනා



Elon Musk විසින් අනාගතයේ හඳුන්වා දීමට නියමිත මොළයේ සවිකරන කුඩා Chip වර්ගයක් (Neuralink) සම්බන්ධයෙන් ගැටළුවක් මතුවී තිබෙනවා. 

මේ හේතුවෙන් ලොව පුරා මානව හිමිකම්වලට තර්ජනයක් වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. 
 
ඔවුන් පවසන්නේ මෙමගින් පුද්ගලයන්ගේ 'මානසික පෞද්ගලිකත්වය' අහිමිවන බවයි. 
 
එමෙන්ම මෙම තාක්ෂණය හරහා මිනිස් මනස නිරීක්ෂණය කිරීමේ සහ හැසිරවීමේ නව හැකියාවන් වෙත මග පාදන බවට ද ඔවුන් මත පළ කරනවා. 
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුනෙස්කෝ ආයතනය සඳහන් කළේ, තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් ලෝක ව්‍යාප්ත 'ආචාරධර්ම රාමුවක්' සකස් කළ යුතු බවයි. 
 
එමෙන්ම AI තාක්ෂණයේ දියුණුවෙන් හා තාක්‍ෂණයේ විභව අපයෝජනයන්ගෙන් මානව වර්ගයා ආරක්ෂා කිරීම සිදුකළ යුතු බවද ඔවුන් සඳහන් කළා.
(colombotimes.lk)