කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ කජුගම බටලීය ප්රදේශයේදී ලංගම බස් රථයක් හා සුඛෝපභෝගී බස් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් ඊයේ (29) පස්වරුවේ අනතුරක් සිදුවුණා.
පෞද්ගලික බස් රථය එම දිශාවටම ධාවනය වූ වෙනත් වාහනයකට ඉස්සර යෑමේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.
එම අනතුරකින් සුඛෝපභෝගී බස් රථයේ රියදුරා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර බස් රථ දෙකෙහිම කාන්තාවන් 4ක් සහ පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ලබා වතුපිටිවල සහ වරකාපොළ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි රියදුරා කඹුරාදෙණිය,ප දංඕවිට ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.
මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
(colombotimes.lk)
PHOTO COURTSY: Accident First Facebook Page