1959 වසරේ සිට Barbie බෝනික්කන් වෙළෙඳපොළට හඳුන්වා දී ඇති අතර එතැන් පටන් එය දරුවන් අතර ජනප්‍රිය වී තිබෙනවා.
Barbie බෝනික්කන් ඇතුළුව අනෙකුත් බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීමේදී දරුවන්ගේ මොළයේ වෙනසක් සිදුවන බව සොයාගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් වෙනත් පුද්ගලයින් කෙරෙහි සංවේදී වීම සහ සුභවාදී සමාජයක් ඇති කිරීම කෙරෙහි නැඹුරු වන බව සඳහන්.
කාඩිෆ් විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයින් කණ්ඩායමක් විසින් මෙය හෙළිදරව් කරගෙන තිබුණා.
ඒ අනුව පරීක්ෂණය සඳහා ළමයින් 33 දෙනෙකු යොදාගෙන තිබෙනවා.
එහිදී මාස 18ක් තුළ ඔවුන් බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීමේදී මොළයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කර තිබුණා.
(colombotimes.lk)