ශ්‍රී ලංකාවේ වසරකට වාර්තාවන ළමා අපරාධ ගණන හෙළිවෙයි



ශ්‍රී ලංකාවේ වසරකට අවම වශයෙන් ළමුන් සම්බන්ධ අපරාධ 5,000ක් පමණ වාර්තා වන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ළමුන් සම්බන්ධ අපරාධ මෙන්ම ලිංගික අපයෝජන සහ ශාරීරික අපයෝජන සඳහා මත්ද්‍රව්‍ය ප්‍රධාන සාධකයක් වී ඇති බව ඔහු පැවසුවා.

මීට අමතරව ජංගම දුරකථන ළමා අපචාර සඳහා භාවිත කරන ආයුධයක් බවට පත්ව ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව ළමා අපචාර අවම කිරීමට දෙමාපියන් විසින් නිවස තුළ දරුවන්ට සීමාවන් පැනවිය යුතු බව ඔහු අවධාරණය කළා.

බස්නාහිර පළාත සැලකීමේදී, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ළමා අපරාධ ඉහළ මට්ටමක පවතින බව සඳහන්.
(colombotimes.lk)