21 January 2026

logo

ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට



ලෝක වෙළඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට ඇමරිකානු ඩොලර් 4800 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රන් අවුන්සයක මිල ගණන් ඇමරිකානු ඩොලර් 4,843ක් ලෙස සටහන් වූ බවයි.

ලෝක වෙළඳපොළේ රන් මිල මෙලෙස ඉහළයාම හේතුවෙන් මෙරට රන් මිලද ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (21) උදෑසන කොළඹ හෙට්ටිවීදියේ රන් වෙළඳපොළෙහි 'කැරට් 22' රන් පවුමක් මිල සටහන් වුණේ රුපියල් 351,500ක් ලෙසයි.

එමෙන්ම ඊයේ (20) රුපියල් 370,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද වන විට රුපියල් 380,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

(colombotimes.lk)