21 January 2026

logo

බගවන්තලාව නගරයේ ගොවීන් දැඩි අසීරුතාවයක



නුවරඑළිය ප්‍රදේශයේ අලුයම් කාලයේ පවතින අධික ශීත කාලගුණයත් සමඟ මල් තුහිණ පතිතවීමෙන් එළවළු වගාවට සහ තේ වගාවට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ගොවීන් පවසනවා.

එමෙන්ම තේ වතු අධිකාරීවරුන් කියා සිටියේ තේ වගාව මත මල් තුහිණ පතිත වීමෙන් තේ ගස් වියළීමට පටන්ගෙන තිබෙන බවයි.
 
මෙම තත්ත්වය හේතුවෙන් තේ ඵලදාව ද අඩු වී තිබෙන බව වතු අධිකාරීවරුන් වැඩිදුරටත් කියා සිටියා. 

එමෙන්ම එළවළු වගාවට මල් තුහිණ පතිත වීම නිසා එළවළු පිළිස්සීම පාලනය කිරීම සඳහා හිරු එළිය වැටීමට ප්‍රථමයෙන් ජලය යොදා මල් තුහිණ සෝදා හැරීමට එළවළු ගොවීන් කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 





(colombotimes.lk)