29 November 2022
සිංහල | English

පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ බරපතළ කඩා වැටීමක්



පාකිස්තානයේ භාණ්ඩ ප්‍රවාහන කර්මාන්ත ක්ෂේත්‍රය බරපතළ කඩා වැටීමකට ලක්වී ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඒ එරට ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඉන්ධන මිල ඉහළයෑම පාකිස්තානයේ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය කඩාවැටීමට ප්‍රධාන හේතුව බවයි.

ඊට අමතරව අවස්ථා රැසකදී ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීමට සිදුවීම ද මෙම අර්බුදයට බලපා තිබෙනවා.

කෙසේවෙතත් රටතුළ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය හමුවේ ක්ෂේත්‍ර රැසක ගැටලු පැනනැගී ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.
(colombotimes.lk)