දේශගුණික විපර්යාස ඇතිවීම අන්ධභාවයේ අනුපාතය වේගවත් කළ හැකි බව අධ්‍යයනයක් සොයාගෙන තිබෙනවා.
කැනේඩියානු පර්යේෂකයන් පිරිසක් විසින් මෙම අධ්‍යනය සිදුකර ඇති බව සඳහන්.
ඒ අනුව ඔවුන් එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 පුරාම මිලියන 1.7 ක ජනතාවක් අතර පෙනීමේ ගැටලු අනුපාතය සංසන්දනය කර තිබුණා.
උණුසුම් ප්‍රදේශවල ජීවත් වන අය සිසිල් ප්‍රදේශවල සිටින අයට වඩා බරපතල පෙනීමේ දුර්වලතාවයකට ගොදුරු වීමේ අවදානමක් පවතින බවයි එහිදී හෙළිවී ඇත්තේ.
එම අගය සියයට 50කට ආසන්න බවයි පර්යේෂකයන් වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)