30 April 2026

logo

පොදු ප්‍රවාහනය තුළ හිංසන කළ පිරිසක් අත්අඩංගුවට



පොදු ප්‍රවාහනය තුළ හිංසන සිදුකළ පුද්ගලයින් 42ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොදු ප්‍රවාහන සේවාවල දී ළමුන්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුකරන පුද්ගලයින් සොයා ඊයේ (07) සිදුකළ විශේෂ මෙහයුමේදීයි.

එහිදී පොදු ප්‍රවාහන සේවය තුළ දී ලිංගික අතවර සිදුකරන ලද පුද්ගලයින් 18 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ගැට කපන්නන් ඇතුළු පුද්ගලයින් 24 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් කණ්ඩායම් රැසක් මෙම මෙහෙයුමට එක්ව සිටි බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා සහ පස්වරු 5.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.
(colombotimes.lk)