20 December 2025

logo

කෝප් කමිටු සභාපතිවරයා ඉල්ලා අස් වීමට සූදානම්



තමන්ට එල්ල වූ චෝදනාවට අදාළ ව වරදකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානම් බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා.

අදාළ චෝදනාව වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙසට ඔහු කථානායකවරයාගෙන් ඉල්ලීමක් ද සිදුකළා.

පාර්ලිමේන්තුවේ නිලධාරිනියකට ලිංගික අතවරයක් කර ඇති බවට හේෂා විතානගේ මන්ත්‍රීවරයා පසුගියදා කෝප් කමිටු සභාපතිවරයාට චෝදනා එල්ල කළා.
(colombotimes.lk)