04 July 2025

logo

ක්‍රිකට් නඩුව යළි කල් යයි



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙසැම්බර් මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (05) නියෝග කර තිබෙනවා. 

ඒ මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේ නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා කල් අවශ්‍ය බව දන්වා තිබීම හේතුවෙන්. 
 
ඒ අනුව නඩුව දෙසැම්බර් මස 13 වනදා දක්වා කල් තබා ඇති අතර එදින තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග කිසිවක් නොගන්නා බව ද ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණයට දැනුම්දී ඇති බව සඳහන් වනවා.
(colombotimes.lk)