13 July 2025

logo

නිධන් ගන්න ගිය 3ක් පොලිස් දැලේ



පුරාවස්තු ලබාගැනීමේ අරමුණෙන් කැණීම් කරමින් සිටි සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මාවනැල්ල පොලිස් වසමේ දොඩන්තලේ, තෙඹුගල ප්‍රදෙශයේදීයි. 
 
ඔවුන් සතුව තිබී කැණීම් කිරීමට යොදාගන්නා උපකරණ සහ පූජා භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගැනුණා. 
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42, 48 සහ 50 වයස්වල පසුවන පොල්වත්ත, දෙහිමඩුව සහ තලගහ ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්. 
 
මෙසේ අත්අඩංගුවට ගැනුණු එක් සැකකරුවෙකු කුලී පදනම මත වහනයක් ලබා ගෙන නැවත ලබා නොදී විශ්වාසය කඩ කිරීම හා සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවකට අවශ්‍යව සිටි කෙනෙකු බවයි වාර්තා වන්නේ. 
 
සැකකරුවන් අද (02) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)