දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරන වැඩ සටහන සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු පාර්ශවයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම මේ සමඟ සම්බන්ධ වන සියලුම විශ්‍රාමික අරමුදල් වලට මේ සඳහා වූ සාකච්ඡාවට සම්බන්ධ වන ලෙස ආරාධනාවක් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.
ඉන් අනතරුව ඔවුන්ට මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අවස්තාව ලබාදෙන බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය පසුබිම සකස්කිරීම සඳහා දේශීය අදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනය කිරීමට නියමිතයි.
(colombotimes.lk)