ඉන්දියාවේ කාශ්මීර් හි කාර්ගිල් ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 3.8ක ප්‍රබලත්වයක් සටහන් කරමින් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙය කිලෝමීටර් 10ක ප්‍රදේශයකට දැනුණු බව සඳහන් වනවා.
භූ කම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
